සත්කාරකයින් පළමු තරගයේ ජය ඉහළින් සමරයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයෙන් ජය ලබන්නට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට අද (18) හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ නේපාල කණ්ඩායම කඩුලු 08කින් පරාජය කරමින්.

හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගයේ කාසිය වසිය දිනාගත් සිම්බාබ්වේ නායකයා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නේපාල කණ්ඩායම ලබා දුන්නා.

සිම්බාබ්වේ කණ්ඩායමේ එම තීරණයට ප්‍රබල පිළිතුරක් සපයන්නට නේපාල ආරම්භ පිතිකරුවන් දෙදෙනා කටයුතු කළේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 171ක දැවැන්ත සබඳතාවක් ගොඩනඟමින්.

එහිදී ආසිෆ් ෂෙයික් ලකුණු 66ක් රැස්කළ අතර, කුෂාල් බුර්ටෙල් ලකුණු 99ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

කුෂාල් මල්ල ලකුණු 41ක් සහ නායක රෝහිත් පෝඩෙල් ලකුණු 31ක් රැස්කරමින් නේපාල ඉනිම ගොඩනැඟීමට දායක වුණා.

ඒ, අනුව පන්දුවාර 50 අවසානයේ නේපාල ඉනිම දැක්වුණේ කඩුලු 08ක් දැවී ලකුණු 290ක් ලෙසටයි.

පන්දු යැවීමේ දී රිචඩ් නගාරව නේපාල ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

291ක ජයග්‍රාහී ඉලක්කය සොයා යෑමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස ජොයිලෝඩ් ගුම්බි ලකුණු 25කට දැවී ගියා.

ඔහුගේ දැවියාමෙන් පසු පිටියට පිවිසි වෙස්ලි මාදේවෙරේ ලකුණු 32ක් ලබාගෙන සිටිය දී දවාගන්නට ගුල්සන් ජාට හැකියාව ලැබුණා.

ඉන් අනතුරුව පිටියට පිවිසි ෂේන් විලියම්සන් සිම්බාබ්වේ නායකයා සමඟ එක්ව සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මාවත සැකසුවා.

ෂේන් විලියම්සන් අද දිනයේ සිය 150 වන ජාත්‍යන්තර එක්දින තරගය සඳහා ක්‍රීඩා කරමින් අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 70ක් තුළ නොදැවී ලකුණු 102ක් රැස් කරමින්.

අනෙක් අන්තයේ සිට නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ නායක ක්‍රේග් අර්වින් පන්දු 128ක් තුළ ලකුණු 121ක් රැස් කළා.

ඒ, අනුව පන්දුවාර 44යි පන්දු 01ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 291ක් රැස්කරමින් සිම්බාබ්වේ කණ්ඩායම සිය ජයග්‍රහණය වාර්තා කළා.

මෙම තරගයේ වීරයා ලෙස සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින් සම්මාන හිමිකර ගත්තා.

කලකට පසු සිම්බාබ්වේ දේශයට උදා වූ ක්‍රිකට් වසන්තයත් සමඟ මෙම තරගය නරඹන්නට හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඇති විශාල පිරිසක් එක්ව සිටි ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
6
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03
Video thumbnail
මේක නිකන්ම නිකන් ශිෂ්‍යත්වයක් නෙවෙයි..අත්දැකීම් ගන්න..ප්‍රශ්නවලට මුහුණ දෙන්න l Harini Amarasuriya
11:53
Video thumbnail
පිටරට විශ්ව විද්‍යාලයට වරම් ලැබූ දක්ෂයින්ගේ දෙමාපියන් හැඩූ කඳුලින් කියූ දේ
02:33
Video thumbnail
අප්‍රේල් මාසයට අවශ්‍ය තරමට තෙල් තියෙනවා..ඉන්ධන මිල අඩු කරන්නද යන්නේ ?
06:37