සචින් තෙන්ඩුල්කාර්ගෙන් සිය පුතු ගැන සංවේදී සටහනක්

ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන සචින් තෙන්ඩුල්කාර් විසින් සිය පුතු වූ අර්ජුන් තෙන්ඩුල්කාර් පිළිබද සංවේදී සටහනක්, සමාජ මාධ්‍ය වෙත ඊයේ (23) නිකුත් කර තිබුණා.

ඉන්දීය යොවුන් වේග පන්දුයවන්නෙක් වන අර්ජුන් තෙන්ඩුල්කාර් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ එක්ව සිටි අතර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මෙම තරගාවලියේ තරග වැදුණු අවසන් තරගයට ඊයේ (23) දිනයේ එක් වුණා.

කෙසේ වෙතත් එම අවසන් තරගය දක්වාම සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර්ට ලක්නව් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ වරම් හිමි නොවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණා.

කෙසේ වෙතත් ඊයේ (23) පන්ජාබ් කණ්ඩායම සමඟ පැවති තරගයට අර්ජුන්ව එක්කර ගැනීමට ලක්නව් කණ්ඩායමේ කළමනාකාරිත්වයතීරණය කර තිබූ අතර ඒ අනුව අර්ජුන් ඊයේ තරගයට ක්‍රීඩා කළා.

ඒ අනුව තරගයේ දී පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පන්දුවාර හතරට ලකුණු 36ක් පමණක් ලන්බා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට අර්ජුන් තෙන්ඩුල්කාර්ට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරව් අර්ජුන් මෙම දැක්වූ දක්ෂතාවය සහ ඔහුගේ ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් සචින් තෙන්ඩුල්කාර් විසින් සමාජ මාධ්‍ය වෙත සංවේදී සටහනක් නිකුත් කර තිබෙනවා.

”ඉතා හොදයි, අර්ජුන්.
මේ වාරය පුරාම ඔබ ඔබවම කරගෙන ගිය ආකාරය ගැන ආඩම්බර වෙනවා, සැමවිටම ඔබේ හැකියාව විශ්වාස කරනවා, ඉවසිලිවන්තව ඉන්නවා, නිහඬව වෙහෙස මහන්සි වී වැඩ කරනවා, සහ අවසාන තරගය දක්වා ඔබේ අවස්ථාව එනතුරු බලා සිටීමට සිදු වුවද ධනාත්මකව ඉන්නවා.
ක්‍රිකට් ක්‍රීඩාව දක්ෂතාව මෙන්ම ඉවසීමද පරීක්ෂා කරනවා, ඔබ අද දෙකම ලස්සනට හසුරුවා ගත්තා.
ඔබේ පාද බිම තබා ගන්න, ඔබ සැමවිටම කළාක් මෙන් ක්‍රීඩාවට ආදරය කරන්න.
ඔබට සැමවිටම ආදරෙයි.” යනුවෙන් සචින් සිය සටහනේ අර්ජුන් පිළිබදව සඳන් කර තිබෙනවා.

Screenshot 2026 05 24 084828

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
2
+1
20
+1
2
+1
5
+1
4
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47