සංචාරක කාඩ්පත (Travel Card) එළිදැක්වේ

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසූ, සංචාරක කාඩ්පත (Travel Card) එළිදැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සිදු කෙරුණා.

මෙම කාඩ්පත නිකුත් කිරීමෙන් පසු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන අය සදහා සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද හිමිවනු ඇති.

එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ගණනය කරගැනීම, ඔවුන් රැගෙන එන ඩොලර් සෘජුව බැංකුවක් සමග හුවමාරු වීම හා සංචාරකයන්ට සුරක්ෂිතව මෙම කාඩ්පත මගින් මෙරට තුළ දී භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකිවීම වැනි ගුණාත්මක සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

සංචාරකයින්ට ද ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනය සඳහා සංචාරක කාඩ්පතක් ලබා ගත හැකි බවයි සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?