ශීඝ්‍රයෙන් පැතිරෙන SARS-CoV-2 කොවිඩ් ප්‍රභේදය – PCR පරීක්ෂණ යළිත් (වීඩියෝ)

මෙම වසරේ පෙබරවාරි මාසයේ මැද සිට ගෝලීය කොවිඩ් වෛරසයේ පැතිරීම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

නව කොවිඩ් වෛරස ප්‍රභේදය WHO හඳුන්වා ඇත්තේ SARS-CoV-2 යනුවෙන්.

මැයි 28 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ 2024 ජුලි මාසයේ සිට නිරීක්ෂණය කළ පරිදි මෙතෙක් කළ කොවිඩ් පරීක්ෂණවලින් සියයට 11ක් ම ධනාත්මක වූ බවට වාර්තා වී ඇති බවයි.

මෙම SARS-CoV-2 කොවිඩ් ප්‍රභේදය වැඩි වශයෙන් නැගෙනහිර මධ්‍යධරණී කලාපය, අග්නිදිග ආසියාව සහ බටහිර – පැසිෆික් කලාපයේ රටවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

මැයි මැද භාගය වන විට වාර්තා වූ ගෝලීය SARS-CoV-2 රෝගීන්ගේ ප්‍රතිශතය 10.7% දක්වා ළඟා වී ඇති බවත් සඳහන්.

නමුත් මෙම වෛරසයේ පැතිරීම ගැන තවදුරටත් අධ්‍යයනයන් සිදු වන බවත්, දැඩි අධීක්ෂණයක් යටතේ එය සිදුවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙර දැනුම්දී ඇති ආකාරයට COVID-19 කළමනාකරණය කිරීම සඳහා අවදානම් මත පදනම් වූ, ඒකාබද්ධ ප්‍රවේශයක් භාවිතා කරන ලෙස සියලුම සාමාජික රටවලට උපදෙස් දී තිබෙනවා.

පුළුල් COVID-19 පාලන වැඩසටහන්වල කොටසක් ලෙස, විශේෂයෙන් අවදානම් කණ්ඩායම් අතර COVID-19 මගින් ඇතිවන දරුණු රෝග සහ මරණ වැළැක්වීම සඳහා එන්නත්කරණය ප්‍රධාන මැදිහත් වීමක් ලෙසයි සලකන්නේ.

මේ අතර ඊයේ (28) පැවති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ රැස්වීමකට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ දිවයින පුරා පීසීආර් පරීක්ෂණ සිදු කිරීම ඉහළ නංවා ඇති බවයි.

අදාළ වෛරසය පැතිරීම පාලනයට ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවා.

මූලාශ්‍රය-https://www.who.int/emergencies/disease-outbreak-news/item/2025-DON572



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12