ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා ඉදිරිපත් කිරීමට හෙට සිට අවස්ථාව

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම හෙට (08) දින සිට ලබන 29 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් සඳහා (උපරිම) අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ සෘජුව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතින බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted