ශ්‍රී ලාංකිකයන් බේරා ගන්න මියන්මාරයේ සහාය

ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සඳහා සහාය දැක්වීමට මියන්මාර රජය තීරණය කර තිබෙනවා.

මියන්මාර බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟත්වයට පැමිණි බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා පවසන්නේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් මියන්මාරයේ මයාවාඩි ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු සයිබර් වහල් සේවයේ යොදවා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා තායිලන්තයේදී මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය තාන් ශ්‍රී මහතා හමුවී සාකච්ඡා කළා. ඒ අනුවයි ශ්‍රී ලාංකිකයන් නිදහස් කිරීමේ කටයුතු සම්පාදනය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මීට දින දෙකකට පෙර ද යළි ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකිකයන් මුදා ගැනිම සඳහා එරට රජයේ සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි තානාපති ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55