ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයෙන් අලුත් වැඩක් (ඡායාරූප)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය විදේශීය ගුවන් සේවාවක් වන සිබු පැසිෆික් ගුවන් සේවයේ එයා බස් ඒ.330 වර්ගයේ ගුවන් යානයක් පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදුකිරීම සාර්ථකව නිමාවට පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසනවා.

අග්නිදිග ආසියානු කළාපයේ පුළුල් බද සහිත ගුවන් යානා අලුත්වැඩියා කිරීම, පූර්ණ නඩත්තු කිරීම් සහ ඒවා පරීක්ෂා කර වාර්තා සැපයීම සදහා යුරෝපීය ගුවන් ආරක්ෂක ඒජන්සිය ( European Aviation Safety Agency ) මගින් වරළත් නියෝජිතවරයෙකු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය කටයුතු කරමින් සිටිනවා.

එමෙන්ම මෙම වසර තුළ දී සෙරීන් එයාර් ගුවන් සේවයට අයත් එයා බස් ඒ.330 ගුවන් යානා දෙකක් ද මේ ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඉංජිනේරු අංශය විසින් පූර්ණ නඩත්තු කිරීමකට සහ පරීක්ෂා කිරීමකට ලක් කර නිමාවට පත් කර තිබෙනවා.

මෙම ඉංජිනේරු සේවා සැපයීම කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ දී සහ මාලදිවයින තුළ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් සිදු කරමින් සිටින බවයි එඅ ආයතනය සඳහන් කළේ.

මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඉංජිනේරු අංශය වෙත ජාත්‍යන්තර ඉල්ලුමක් සහ කීර්තිනාමයක් හිමි වී ඇති බව ප්‍රකාශ කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය, දකුණු ආසියාව, මැදපෙරදිග, නැගෙනහිර අප්‍රිකාව සහ අග්නිදිග ආසියානු කළාපයේ රටවල් ගනනාවක පවත්වා ගෙන යනු ලබන ගුවන් සේවා දැනටමත් මෙම සේවා ලබාගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ ලියාපදිංචි වී ඇති බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
12
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27