ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය විදේශීය ගුවන් සේවාවක් වන සිබු පැසිෆික් ගුවන් සේවයේ එයා බස් ඒ.330 වර්ගයේ ගුවන් යානයක් පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදුකිරීම සාර්ථකව නිමාවට පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසනවා.
අග්නිදිග ආසියානු කළාපයේ පුළුල් බද සහිත ගුවන් යානා අලුත්වැඩියා කිරීම, පූර්ණ නඩත්තු කිරීම් සහ ඒවා පරීක්ෂා කර වාර්තා සැපයීම සදහා යුරෝපීය ගුවන් ආරක්ෂක ඒජන්සිය ( European Aviation Safety Agency ) මගින් වරළත් නියෝජිතවරයෙකු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය කටයුතු කරමින් සිටිනවා.
එමෙන්ම මෙම වසර තුළ දී සෙරීන් එයාර් ගුවන් සේවයට අයත් එයා බස් ඒ.330 ගුවන් යානා දෙකක් ද මේ ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඉංජිනේරු අංශය විසින් පූර්ණ නඩත්තු කිරීමකට සහ පරීක්ෂා කිරීමකට ලක් කර නිමාවට පත් කර තිබෙනවා.
මෙම ඉංජිනේරු සේවා සැපයීම කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ දී සහ මාලදිවයින තුළ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් සිදු කරමින් සිටින බවයි එඅ ආයතනය සඳහන් කළේ.
මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඉංජිනේරු අංශය වෙත ජාත්‍යන්තර ඉල්ලුමක් සහ කීර්තිනාමයක් හිමි වී ඇති බව ප්‍රකාශ කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය, දකුණු ආසියාව, මැදපෙරදිග, නැගෙනහිර අප්‍රිකාව සහ අග්නිදිග ආසියානු කළාපයේ රටවල් ගනනාවක පවත්වා ගෙන යනු ලබන ගුවන් සේවා දැනටමත් මෙම සේවා ලබාගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ ලියාපදිංචි වී ඇති බවයි පැවසුවේ.
















This is a great news.we have to recruit foreign experts who can bring the business and government should arrange funds in order to expand the industry with latest equipments as well recruit the talented youths with standerd qualifications in order to obtain the internationally recognized degrees and diplomas in relevant fields.
We have to admire the whole staff who impart their knowledge and wisdom to reach this level and again industry experts from out side also should bring to take this industry to highest standards so that we can bring more business and reputation in world arena.
We wish our talented staff the best of best to conquer this level to highest.
OYA MONAWA KALATH RANIL LOKKA OKA WIKUNANA KA SURE. EYATA WIKUNANAWA WEN KARALA DENAWA MARDHANAYA KARANAWA CHANDHA KAL DANAWA ARENNA WENA KISI DEYAK KARANNE NAHE. APU HEMA WELAWEMA KALEYI OWAMA THAMAYI.