AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 280කට සිමා වෙයි

සත්කාරක බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා සියළු දෙනා දැවී ලකුනු 280 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශය පළමුව පන්දු රැකීමටයි තිරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම එක් අවස්ථාවක ලකුණු 57 කට කඩුළු 5 ක් දැවී අසීරු තත්වයකට පත්ව සිටියා.

කෙසේ වෙතත් අනතුරුව 6 වන කඩුල්ල සදහා සාර්ථක ලකුණු 202 ක සම්බධතාවයක් ගොඩ නැගීමට කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජයද සිල්වා සමත් වුණා.

එහිදී කමිදු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ලකුනු 102 ක බැගින් රැස්කළ අතර සෙසු කිසිදු පිතිකරුවකු 20 සීමාව ඉක්මවූයේ නැහැ.

පන්දු යැවීමේදී කලෙඩි අහ්මඩ් සහ නහිද් රනා කඩුළු 03 බැගින් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?