ශ්‍රී ලංකා ඔස්‌ට්‍රේලියා 5වන සහ අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්‌ට්‍රේලියා කණ්ඩායම අතර ක්‍රියාත්මක තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය අද පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතව තිබේ.එක්දින තරගාවලිය දැනටමත් 3-1ක් ලෙස පරාජයට පත්වී සිටින ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම අද තරගය ජය ගතහොත් තරගාවලිය 3-2ක් ලෙස ගෞරවාන්විතව නිමා කර ගැනීමට අවස්ථාවක් උදාවේ. ඒ අනුව අද තරගය ජය ගැනීමට සංචරක කණ්ඩායම දැඩි වෙහෙසක් දරනු ඇති අතර ශ්‍රී ලංකාව අද තරගය ජය ගතහොත් දෙරට අතර පැවැති විස්සයි විස්ස තරගාවලියෙන් ලද පරාජයේ වාඩුව පිරිමසා ගැනීමට කදිම අවස්ථාවක් උදාවේ.

ඔස්‌ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනකුම මෙම සංචාරයේදී ආබාධයන්ට ගොදුරු වූ අතර මාර්ක් ස්ටොයින්ස්, ඇස්ටන් අගාර්, කේන් රිචඩ්සන් සහ ෂෝන් ඇබෝට් ඒ අතර වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ, නිරෝෂන් දික්වැල්ල, මහීෂ් තීක්ෂණ, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග, (දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, අශේන් බණ්ඩාර)

ඔස්‌ට්‍රේලියා කණ්ඩායම – ඒරන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, මානස් ලබුස්චේන්, ඇලෙක්ස් කේරි, ග්ලේන් මැක්ස්වෙල්, ට්‍රැවිස් හෙඩ්, කැමරන් ග්‍රීන්, පැට් කමින්ස්, මැතිව් කුනමන්, ජොස් හේසල්වූඩ් (ජෝස් ඉංග්ලිස්)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55