AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර හෙට (26) සිට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අන්තර්ජාලය ඔස්සේ ටිකට් අලෙවිය හෙටින් (26) ආරම්භ වනවා.

ප්‍රවේශපත්‍ර මිල: LKR 300, LKR 400, LKR 500, සහ LKR 750

ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ප්‍රේක්ෂකයන් තරඟ දිනයේදී ක්‍රීඩාංගණයට ඇතුළු වීමට තම QR කේතය (මුද්‍රිත හෝ ඩිජිටල් ආකාරයෙන්) රැගෙන ආ යුතුයි.

ටිකට් පත මිලදී ගැනීමට www.srilankacricket.lk වෙත පිවිසිය යුතු අතර හෙට උදෑසන 09.00 සිට ටිකට් පත් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජූනි 2, 4, සහ 7 වනදා එම තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස සහ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනවලදීයි.

සියලු තරග පෙරවරු 10ට ආරම්භ කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?