ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපතිවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති ජො ෆස්වා මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

මෙහිදී අයවැය කාලසීමාව සහ පාර්ලිමේන්තු වැඩකටයුතු පිළිබද මෙන්ම දෙරට අතර පවත්නා පාර්ලිමේන්තු ක්‍රමවේදයන් සහ දේශපාලන ව්‍යුහය ආදිය පිළිබඳවද දෙපාර්ශවය සුහද සාකච්ඡාවක නිරත විය.

2023 වර්ෂයේදී ප්‍රංශ – ශ්‍රි ලංකා රාජතාන්ත්‍රික සබඳතා සදහා 75 වසරක් සැපිරීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා වූ අතර තවදුරටත් එම සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දෙන බව ද නව ප්‍රංශ තානාපති ජො ෆස්වා මහතා මෙහිදී කතානායකට පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?