අවිධිමත් විදේශ ගමන් බලපත්රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වී වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනය සලකා බැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද (26) අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.










