AFC Banner
Empty Ad
Empty Ad

වෝනර් එක්දින පිටියෙන් සමුගනී

ඩයිනමික් ඕස්ට්‍ර්ලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවකදී, ඔහු එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගන්නා බව ප්‍රකාශයට පත් කළා.

37 හැවිරිදී වියේ පසුවන වෝනර් මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 161කට ක්‍රීඩා කර ලකුණු 6,932ක් රැස්කරගෙන සිටිනවා.

ඔහු ක්‍රීඩාකර ඇති ජාත්‍යනතර එක්දින ඉනිම් 159 තුළ ශතක 22ක් සහ අර්ධ ශතක 33ක් රැස්කරගෙන තිබෙනවා.

එළෙඹෙන බදාදා ඔහුගේ උපන් නගරය වන සිඩ්නිහි දී ඔහුගේ 112 වැනි සහ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

කෙසේ වෙතත් ඔහු විස්සයි විස්ස තරග ආකෘතිය තුළ තව දුරටත් රැඳී සිටින බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?