වෙන්නප්පුවේ වෙඩි තැබීමක්

වෙන්නප්පුව, වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියක් අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී එක පුද්ගලයෙක් මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව, වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔහු රෝහල් ගතකර ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට එරෙහිව මහාධිකරණයේ පැවති නඩුව සම්බන්ධ අධිකරණ තීන්දුව ලබන සැප්තැම්බර් මස 09 වැනි දින ලැබීමට නියමිතව තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57