වෙඩි වැදී ඇද වැටී සිටි අයෙක් ගම්පහ රෝහලට

වීරගුල පොලිස් වසමේ කොස්කඳවල ප්‍රදේශයේ මාර්ගයේ වෙඩි වැදී වැටී සිටි පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ; වීරඟුල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව වීරඟුල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

තුවාලකරු වයස අවුරුදු 30ක් වන ගල්ගමුව – වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබුවා.

වීරඟුල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?