විහාරමහාදේවී සත්‍යග්‍රහ භූමියේ කොඩි හා පුවරු ගලවන්න ගිහින් උණුසුම් තත්ත්වයක්

බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ කොළඹ නගර සභාවේ නිලධාරීන් අතර අද (24) පස්වරුවේ උණුසුම් මතගැටුමක් හටගෙන තිබෙනවා.

සත්‍යග්‍රහ භූමියේ සවිකර තිබූ පුවරු, බෞද්ධ කොඩි කොළඹ නගර සභාවේ නිලධාරීන් විසින් ගලවා ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟ මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ .