විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂය

කිලිනොච්චිය අරවියල්නගර් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ පුද්ගලයා ඊයේ (28) අලුයම් කාලයේ මෙලෙස එම විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ දෙවන මහලින් බිමට ඇද වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, විශ්ව විද්‍යාලයේ පුද්ගලික ආරක්ෂක අංශයේ රාජකාරි යෙදී සිටි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා කනගපුරම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?