විමල් වීරවංශ නැවත ආණ්ඩුවට රතු එළි දල්වයි

පවතින අර්බුදය විසඳීමට ආණ්ඩුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයින්ගේ හමුවක් ඊයේ (12) පස්වරුයේ පැවැති අතර එම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා හිමි මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මහතා,

“රටේ නිසි විසඳුමක් නොදී ආණ්ඩුව මේ අර්බුදකාරී තත්ත්වය උත්සන්න වෙන්න ඉඩහැරලා පරණ පුරුදු ආකාරයට තවදුරටත් ඉදිරියට යන්න උත්සහ කරනවා. ඒ පරණ පුරුදු ගමනට මේ රටේ ජනතාවගෙන් ඉඩක් නැහැ. ඒක වහාම ආණ්ඩුව පිළිගන්න ඕනේ. ඒක පිළිගන්න බැරි ආණ්ඩුවකට පවතින්න බැහැ. මේ තියන තත්ත්වය නිසා අද ආර්ථික ඉතා දරුණු තත්ත්වයකට මේ රටේ ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ අර්බුදකාරී තත්ත්වයට ඇද වට්ටපු අය තාමත් මේ ආණ්ඩුය ඇතුළේ එක එක ක්‍රමයට ලැගලා ඉන්නවා. එහෙම තත්ත්වයක් තියාගෙන මේ රටට ඉස්සරහාට යන්න බැහැ. ඒ නිසා අපි තදබල ලෙස ආණ්ඩුවට බලකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා වහාම ඉවත් වෙන්න අගමැති ඇතුළු මුළු ආණ්ඩුවම. ඉවත්වෙලා නව පාලන තන්ත්‍රයක් බිහිකරගන්න ඉඩ දෙන්න එසේ නොකිරීම විසින් ඇතිවෙන සමස්ත ව්‍යසනයට මේ සියලුදෙනා වග කියන්න ඕනේ. අපි තීරණ රැසක් ගත්තා ඒවා පස්සේ කියන්නම්.”

මේ අතර, පවතින අර්බුදය විසඳාගැනීම සඳහා ජනතා අරගයට නායකත්වය ලබාදිය යුතු බව අතුරලියේ රතන හිමි පවසයි.

උන් වහන්සේ පවසන්නේ වැඩිදුරටත් පවසා සිටියේ, අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව සමග සාකච්ඡා කිරිමෙන් ඵලක් නොවන බවය.

පවතින අර්බුදය විසඳීම සඳහා තමා ඇතුළු පක්ෂ නායකයින් විසින් ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවීමට කටයුතු නොකරනු ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පැවසුවේය. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා එම ධූරයෙන් ඉවත් කළහොත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් - ඉරාන තානාපති හදිස්සියේම හමුවෙයි..
01:10
Video thumbnail
ඉරාන නෞකාවේ මි#ගිය අයගේ සිරුරු කරාපිටිය රෝහලට..මෙන්න නවතම දර්ශන පෙළක්
01:25
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රය එල්ල කළ හැටි විඩියෝවක් එළියට
00:35
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රය එල්ල කළ හැටි විඩියෝවක් එළියට..බලන් ඉද්දිම නෞකාව සුන්නද්දූලි වෙයි
01:03
Video thumbnail
ඉරාන නැවට ප්‍ර#ර එල්ල කළේ තමන් යැයි අමෙරිකාව කියයි..අමෙරිකා ආරක්ෂක ලේකම් සියල්ල හෙළිකරයි
01:52
Video thumbnail
චානක හිනාවක් දාල ජනපතිට කිව්ව හින්ට් එක..සමාජ මාධ්‍යයේ නම් දැන් "හුන්ඩු කුමාරනේ" කියන්නේ
01:02
Video thumbnail
ඉරාන නෞකාගේ සිටි පිරිසගේ නවතම තත්ත්වය..එක් රෝගියෙකුට බරපතළයි..
01:57
Video thumbnail
හුන්ඩුවක් කීම අම්මපා දෛවයේ සරදමක්..හුන්ඩු කතාවට හරීන්ගෙන් සැර හින්ට් එකක්..
04:39
Video thumbnail
"මම ක්‍රීම් ගාලා ඇඳුම් නැතුව හිටියේ..දොර කඩාගෙන පොලිසිය ආවා"මුන් පොලිසියද ? කැමරා ඔක්කොම කඩලා දාලා
05:20
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26