AFC Banner
AFC Banner
Empty Ad

විභාග කාලය තුල සිදුවන විදුලි කප්පාදුව අනුමත නොකරන බව මහජන උපයෝගීතා කොමිසම කියයි

අද දිනයේ සිට ලබන පෙබරවාරි මස 17 වන දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති කිසිදු විදුලි කප්පාදුවකට අනුමත නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඊයේ (25) විධානයක් ලෙසට නිකුත් කරනු ලැබූ සමථයට අනුකූලව අදාළ කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයට විධානයක් ලබාදී ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය එම විධානය පිළිපැදීමට අපොහොසත් වුවහොත් එය බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙසට සලකා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙන්නේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) දැනට පැවැත්වෙන 2022 අ.පො.ස උසස් පෙළ විභාග අවසන් වන තුරු විදුලිය විසන්ධි නොකරන බවට සහතික වී තිබියදීත් අද විදුලි කප්පාදුව සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ඊයේ පැවති සාකච්ඡාවකදී, අදාළ බලධාරීන් එකඟ වූයේ විභාග කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමටයි.

කෙසේ වෙතත්, එය නොතකා අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු කර ඇති බව මහජනතාව පෙන්වා දෙනවා.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් ප්‍රකාශ කර ඇත්තේ විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බවත් එම මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බවයි.

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410ක් අවශ්‍ය වන අතර විදුලි කප්පාදුව අත්හිටුවන්නේ යැයි ප්‍රකාශ නොකළ බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදු නොකරන අතර කිසියම් ප්‍රදේශයකට විදුලි විසන්ධි වූයේ නම් එය වෙනත් දෝෂයක් විය හැකි අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කරනවා.

ඉන්ධන නොමැතිව විදුලිය ලබාදීමට නොහැකි නිසා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකඟ වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා.

ඊයේ මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගී වූ අතර එහිදී විදුලිය නොකපන බවට නිලධාරීන් එකඟ වී නොමැති බවයි සභාපතිවරයා කියාසිටියේ.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ මේවන විට පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණි බවයි.

ඊයේ පැවති සාකච්ඡාවේදී විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන ඉන්ධන ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා මහජන උපයෝගීතා කොමිසම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කර තිබුණා.

ඒ සඳහා වැය වන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේදී සිදු කිරීමට යෝජිත විදුලි මිල සංශෝධනයේදී ගෙවීම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවටයි විදුලිබල මණ්ඩලය වෙත මහජන උපයෝගීතා කොමිසම විසින් උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව අදාළ මුදල් දින 60ක් ඇතුලත ගෙවීමට සියලුම පාර්ශවයන් එකඟතාව පළකර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇත්තේ ඊයේ එළඹුනු තීරණවලට අනුව කටයුතු කර අද පස්වරු 4ට පෙර මානව හිමිකම් කොමිසමට වාර්තා කළ යුතු බවයි.

එම විධානය අනුව අදාළ ආයතන කටයුතු නොකළ හොත් මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරසට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවයි දන්වා ඇත්තේ.

Human Rights scaled
PUCSL
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද - අනුර ඩීල් එකක් දාගෙන, කෝ උගන්ඩාවේ සල්ලි..?
12:12
Video thumbnail
ඔබ ඔබට මුලින්ම ආදරය කරන්න
04:00
Video thumbnail
අනුර කුමාර උතුරට ගිහින් ටෝක්ස් දෙන්නේ යුද්ධෙ ඉවර කරපු නිසා
07:38
Video thumbnail
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහභාගීවන දසත ප්‍රහාරය සජීවීව
01:27:59
Video thumbnail
අත්අඩංගුවට ගන්න ලිස්ට් එකේ අපේ නම තියෙනවා
03:52
Video thumbnail
මේ වගේ කතා ජනාධිපති අනුරගෙන් රටට ඕනි - මහින්දගේ මුව හමට තඩිබාලා හරියන්නේ නෑ
04:25
Video thumbnail
අපි එදා මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තු නිසා - අද අනුරත් උතුරට යන්න පුළුවන්
01:58
Video thumbnail
ආණ්ඩුව මිනිස්සුන්ට දුන්න පොරොන්දු පුස්සක් බවට පත්වෙලා
10:47
Video thumbnail
සජිත්ට තමයි මිනිස්සු වැඩි කැමැත්ත තියෙන්නේ #sajithpremadasa
04:23
Video thumbnail
ගෝල් ෆේස් වෙරළ පැත්තෙන් විශාල ශබ්දයක් - මිනිස්සු ෆුල් හොල්මන්
02:26

?