විභාග කාලය තුල සිදුවන විදුලි කප්පාදුව අනුමත නොකරන බව මහජන උපයෝගීතා කොමිසම කියයි

අද දිනයේ සිට ලබන පෙබරවාරි මස 17 වන දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති කිසිදු විදුලි කප්පාදුවකට අනුමත නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඊයේ (25) විධානයක් ලෙසට නිකුත් කරනු ලැබූ සමථයට අනුකූලව අදාළ කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයට විධානයක් ලබාදී ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය එම විධානය පිළිපැදීමට අපොහොසත් වුවහොත් එය බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමක් ලෙසට සලකා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙන්නේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) දැනට පැවැත්වෙන 2022 අ.පො.ස උසස් පෙළ විභාග අවසන් වන තුරු විදුලිය විසන්ධි නොකරන බවට සහතික වී තිබියදීත් අද විදුලි කප්පාදුව සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ඊයේ පැවති සාකච්ඡාවකදී, අදාළ බලධාරීන් එකඟ වූයේ විභාග කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමටයි.

කෙසේ වෙතත්, එය නොතකා අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු කර ඇති බව මහජනතාව පෙන්වා දෙනවා.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් ප්‍රකාශ කර ඇත්තේ විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බවත් එම මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බවයි.

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410ක් අවශ්‍ය වන අතර විදුලි කප්පාදුව අත්හිටුවන්නේ යැයි ප්‍රකාශ නොකළ බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදු නොකරන අතර කිසියම් ප්‍රදේශයකට විදුලි විසන්ධි වූයේ නම් එය වෙනත් දෝෂයක් විය හැකි අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කරනවා.

ඉන්ධන නොමැතිව විදුලිය ලබාදීමට නොහැකි නිසා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකඟ වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා.

ඊයේ මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගී වූ අතර එහිදී විදුලිය නොකපන බවට නිලධාරීන් එකඟ වී නොමැති බවයි සභාපතිවරයා කියාසිටියේ.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කළේ මේවන විට පැවැත්වෙන උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණි බවයි.

ඊයේ පැවති සාකච්ඡාවේදී විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අවශ්‍ය වන ඉන්ධන ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා මහජන උපයෝගීතා කොමිසම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කර තිබුණා.

ඒ සඳහා වැය වන පිරිවැය අයකර ගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේදී සිදු කිරීමට යෝජිත විදුලි මිල සංශෝධනයේදී ගෙවීම් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවටයි විදුලිබල මණ්ඩලය වෙත මහජන උපයෝගීතා කොමිසම විසින් උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව අදාළ මුදල් දින 60ක් ඇතුලත ගෙවීමට සියලුම පාර්ශවයන් එකඟතාව පළකර තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇත්තේ ඊයේ එළඹුනු තීරණවලට අනුව කටයුතු කර අද පස්වරු 4ට පෙර මානව හිමිකම් කොමිසමට වාර්තා කළ යුතු බවයි.

එම විධානය අනුව අදාළ ආයතන කටයුතු නොකළ හොත් මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 21 වන වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරසට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවයි දන්වා ඇත්තේ.

Human Rights scaled
PUCSL


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48