විපක්ෂ නායකට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් ගැන තොරතුරක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලක කර ගනිමින් ස්නයිපර් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ 117 හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් සිදුකළා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලොකු පැටී යන අයගේ කණ්ඩායමේ හිතවතෙකු විසින් මෙම සැලසුම් සකස්කරන බවට අදාළ තොරතුර මගින් හෙළිකළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අදාළ තොරතුර අසත්‍ය තොරතුරක් බවත්, කිසියම් පුද්ගලයෙක් අපහසුතාවයට පත් කිරීම සඳහා ලබාදුන් තොරතුරක් බවටත් අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ මේ පිළිබදව තව දුරටත් විමර්ශන සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
32
+1
1
+1
2
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?