විනාශ කිරීමට ගිය මත්පැන් බෝතල් ඇතුළේ මත්පැන් වෙනුවට වෙනත් ද්‍රාවණයක්

බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකින් පොලිස් භාරයට ගත් මත්පැන් බෝතල් තොගයක මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා.

ඒ, අනුව අදාළ මත්පැන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ.

බම්බලපිටියප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක තිබී පොලිස් භාරයට ගත් මෙම මත්පැන් බෝතල් තොගය පසුගිය පෙබරවාරි මාසයේ දී විනාශ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.

අදාළ මත්පැන් තොගය මහේස්‍ත්‍රාත්වරයා ඉදිරියේ දී විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ සිදුකළ පරීක්ෂා කිරීමක දී අනාවරණ වී ඇත්තේ, බෝතල් කිහිපයක මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් යොදා ඇති බවයි.

ඒ, අනුව ඒවා විනාශ කිරීම නවත්වා ඒවා නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

අනතුරුව ඒ පිළිබඳව විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා ඇති අතර, අදාළ මත්පැන් බෝතල් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ඒවා රස පරීක්ෂකවරයා වෙත යොමුකළ යුතු බවට අදාළ කොට්ඨාසය ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළා.

ඊට අවසර ලබාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වැඩිදුරටත් නියෝග කළේ, මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් එක්වූයේ කෙසේදැයි විමර්ශනයක් සිදුකර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?