විනාශ කිරීමට ගිය මත්පැන් බෝතල් ඇතුළේ මත්පැන් වෙනුවට වෙනත් ද්‍රාවණයක්

බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකින් පොලිස් භාරයට ගත් මත්පැන් බෝතල් තොගයක මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා.

ඒ, අනුව අදාළ මත්පැන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ.

බම්බලපිටියප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක තිබී පොලිස් භාරයට ගත් මෙම මත්පැන් බෝතල් තොගය පසුගිය පෙබරවාරි මාසයේ දී විනාශ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.

අදාළ මත්පැන් තොගය මහේස්‍ත්‍රාත්වරයා ඉදිරියේ දී විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ සිදුකළ පරීක්ෂා කිරීමක දී අනාවරණ වී ඇත්තේ, බෝතල් කිහිපයක මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් යොදා ඇති බවයි.

ඒ, අනුව ඒවා විනාශ කිරීම නවත්වා ඒවා නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

අනතුරුව ඒ පිළිබඳව විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා ඇති අතර, අදාළ මත්පැන් බෝතල් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ඒවා රස පරීක්ෂකවරයා වෙත යොමුකළ යුතු බවට අදාළ කොට්ඨාසය ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළා.

ඊට අවසර ලබාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වැඩිදුරටත් නියෝග කළේ, මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් එක්වූයේ කෙසේදැයි විමර්ශනයක් සිදුකර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45