විනාඩි 5න් ලයිසන් දෙන තැනක් කොම්පඤ්ඤවීදියේ

රියැදුරු පුහුණුව නොමැති පුද්ගලයන්ට පවා රුපියල් දොළොස් දහසක් ගෙවා විනාඩි පහක් තුළ රියැදුරු බලපත්‍ර ලබාදුන් කොම්පඤ්ඤවීදියේ රියැදුරු බලපත්‍ර ව්‍යාජව මුද්‍රණය කරන ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇත.

මෙහිදී ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සමග ව්‍යාජව මුද්‍රණය කළ රියැදුරු බලපත්‍ර 27 ක් හා ඒවා මුද්‍රණයට යොදාගත් උපාංගද අත්අඩංගුවට ගෙන ඇත. කාලය ඉකුත්වී නැවත මුද්‍රණයට ලබාදුන් රියැදුරු බලපත්‍ර 41 ක්ද මෙහිදී සොයාගෙන ඇත.

ජාවාරම්කරුවන් විසින් රියැදුරු බලපත්‍රයේ ඇති චිපය පවා මෙහිදී නියම රියැදුරු බලපත්‍රයක සේ මුද්‍රණය කර ඇත. මෙම බලපත්‍ර සඳහා අවශ්‍ය විශේෂ ස්ටිකර් පවා චීනයෙන් ගෙන්වා ගෙන ඇතැයි හෙළිවී තිබේ.

රියැදුරු පුහුණුව නොමැති පුද්ගලයන් හා වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි පුද්ගලයන්ට පවා කාලයක් තිස්සේ මෙම ස්ථානයෙන් රියැදුරු බලපත්‍ර නිකුත් කර ඇතැයි හෙළිවී ඇත.

බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් පැමිණෙන පුද්ගලයන්ට විනාඩි පහෙන් රියැදුරු බලපත්‍ර ලබාදෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55