AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිකුණාමලයෙන් අවසන් වූ නවසීලන්ත ගමන

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන්, විදෙස්ගත වීමට සූදානමින් සිටි පුද්ගලයින් 65 දෙනෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ත්‍රිකුණාමලය ඇතුළු වරාය පාරේ හෝටලයක තාවකාලිකව නවාතැන්ගෙන සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යාපනය, මුලතිව්, කිලිනොච්චිය හා ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර පිරිමි පුද්ගලයින් 63 දෙනෙකු, කාන්තවක හා වයස අවුරුදු 4 ක කුඩා දැරියක ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් සොයා වැටලීම් ක්‍රියාත්මක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?