විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (28)ආරම්භ කර තිබේ.

කම්කරු අමාත්‍යාංශය පැවසුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී අද දින ශ්‍රමිකයින් 1,200ක පිරිසක් සඳහා එන්නත් ලබාදීම සිදුකරන බවය.

බස්නාහිර පළාතේ ලියාපදිංචි වී සිටින ශ්‍රමිකයින් සඳහා පළමු දිනයේදී එන්නත්කරණය සිදුකෙරෙන බව සඳහන්ය.

විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරිය සහ කම්කරු අමාත්‍යවරයා අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළ වී තිබුණි.

ඒ අනුව එම වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 8,000කට පමණ කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට නියමිත බව කම්කරු අමාත්‍යාංශය පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?