විදුහල ඉදිරිපිට දී සිදු වූ රිය අනතුරෙන් පුද්ගලයකු මියගොස්, පාසල් සිසුවියකට තුවාල

කළුතර සිරිකුරුස විදුහල ඉදිරිපිට ගාලුපාරේ පදික මාරුවේ යතුරුපැදියක ගැටී පුද්ගලයකු මියගොස්, පාසල් සිසුවියක සහ හිටපු නාවික හමුදා සෙබළෙකු තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ තල්ගස්වල, තල්ගස්වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටී අය්යාප්පුලි යේසුදාසන් නමැති 54 හැව්රිදි පුද්ගලයකි.

යතුරුපැදිය පැදවූ හිටපු නාවික හමුදා සෙබළෙකු සහ ඔහුගේ 17 හැව්රිදි දියණිය කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත් කර තිබේ.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?