spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිලත් වැඩි වෙයිද ? හේතුව මෙන්න

ලෝක වෙළදපොළේ ගල් අගුරු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ වන විට ගල් අගුරු මෙටි්‍රක් ටොන් එකක මිල ඩොලර් 200 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරට විදුලියෙන් සියයට 40ක ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ ගල් අඟුරු උපයෝගී කර ගනිමින්.

කෙසේ නමුත් මෙම වසරට අවශ්‍ය ගල් අගුරු දැනටමත් මෙරටට ගෙන්වා ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග සඳහන් කළේ, මේ වන විට ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල ඉහළ යාම ලබන වසරේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට බලපා හැකි බවයි.

මේ හේතුවෙන් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 4කින් පමණ ඉහළ යා හැකි බව ඔහු සදහන් කළා.

කොරෝනා හේතුවෙන් රුපියල් මිලියන 45,000ක හිඟ බිල්පත් පවතින අතර පාරිභෝගිකයින් ඒවා ගෙවීමට තවදුරටත් මැලිකමක් දක්වන බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?