විදුලි ගාස්තුවට එරෙහිව ජනක රත්නායක නඩු මගට

මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම, එම කොමිසමේ සාමාජිකයන් ,ලංකා විදුලිබල මණ්ඩල මණ්ඩලය,ලෙකෝ ආයතනය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත 2023 ජනවාරි මස 5 වැනිදා ඉදිරිපත් කළ අතර ඒ අනුව අදාළ කොමිසම විසින් පුවත්පත් දැන්වීම් පළ කර ඊට අදාලව විවිධ පාර්ශව ගෙන්වා අදහස් ලබාගත් බවද පෙත්සම්කරු පැවසුවා.

පසුගිය පෙබරවාරි මස 13 සිට 24 වැනිදා දක්වා තමන් විදේශගත වී සිටි බවත් එම කාල සීමාවේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවැති මාර්ගගත සාකච්ඡාවකදී මෙම ගාස්තු සංශෝධනය කිරීමට තමා විරුද්ධ වු බවත් පෙත්සම්කරු කියා සිටියා.

එහෙත් අදාළ කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය මත මෙම ගාස්තු සංශෝධනය අනුමත කෙරුණු බවත් පෙත්සම්කරු කියා සිටියා.

මෙම ගාස්තු සංශෝධනය තුළින් අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවයි ඔහු කියා සිටියේ.

මහජන උපයෝගීතා කොමිසම යනු මහජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට බැඳී සිටින ආයතනයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එහෙත් මෙම විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය දීම තුළින් එම කොමිසම
මහජන යහපතට පටහැනි ආකාරයෙන් කටයුතු කර ඇති බවත් එය නීතියට පටහැනි බවත් පෙන්වා දුන්නා.

එබැවින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ විදුලි ගාස්තු වැඩි කිරීම මෙරට මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගාස්තු සංශෝධනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් රත්නායක මහතා වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15