AFC Banner
Empty Ad
Empty Ad

විදුලිසැර වැදුණු පුද්ගලයෙකු මරුට

අද (03) අළුයම මහියංගණය පොලිස් ආසමේ 23 ඇල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයා 56 හැවිරිදි 23 ආලහැර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා රාත්‍රීයේදී තම නිවස වෙත යමින් සිටියදී 23 ඇල ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ඉඩමක් වටා ඇද තිබූ විදුලි වැටක ගැටීමෙන් මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?