spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විජයදාසට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීමට ගෙන තිබෙන තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ල තුළින් ඉල්ලා තිබෙන වාරණ නියෝගය නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ප්‍රකාශ කිරීම හෙට (16) දින සිදු කරන බව කොළඹ දිසා අධිකරණය නිවේදනය කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු වරයා අදාළ වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය අද පස්වරු 3.30 ට ප්‍රකාශ කරන බව නිවේදනය කර තිබුණා.

එහෙත් විනිසුරුවරයා පසුව නිවේදනය කළේ එම වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය හෙට (16) දින ප්‍රකාශයට පත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?