වැසි වැඩි නිසා කොළඹ කාණු පද්ධති කඩිනමින් සුද්ධ පවිත්‍ර කරන්න – අගමැතිනිගේ උපදෙස්

ඉදිරි කාලය තුළ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින්, වැසි ජලය බැසයාම විධිමත් කිරීම සඳහා කඩිනමින් ඇළ මාර්ග සහ කාණු පද්ධති සුද්ධ පවිත්‍ර කළ යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (13) නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

අද (13) නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

ඉදිරි සති දෙක ඇතුළත එම පවිත්‍ර කිරීමේ කටයුතු අවසන් කර ඉදිරියටද අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.