AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවායේ දී බස් රථයක් පෙරලෙයි – පාසල් දරුවන් ඇතුළු 15ක් රෝහලේ

වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස මංසන්ධිය ප්‍රදේශයේ දී අද (21) උදෑසන පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පාසල් පාසල් සිසුන් හත් දෙනෙකු සහ රියදුරු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

බස් රථයේ රියදුරුට ඇති වූ හදිසී රෝගී තත්වයක් මත බස් රථය පෙරලී ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මේ වන විට රෝහලට රැගෙන පැමිණි රෝගීන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

image 19
image 20
image 21
image 21
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?