වාහන තුනක් එකිනෙක ගැටී අනතුරක්

හොරණ – ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ වගවත්ත ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදු වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් ධාවනය වෙමින් තිබියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් පළමු ව ත්‍රීරෝද රථයේ ගැටී පසුව එහි පිටිපසින් ආ යතුරුපැදියේ ද ගැටී තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනකු බරපතළ තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන් එක් අයෙකු කළුබෝවිල රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ද හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?