මෝටර් රථ ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත වෙනස්කර ලියාපදිංචි කළ බවට සැකකරන සුඛෝපභෝගී ජීප් රථයක් කිරිබත්ගොඩ නිවසක තිබියදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්රහාරක බළකාය පවසනවා.
එම සුඛෝපභෝගී ජීප් රථයේ කොටස් මෙරටට ආනයනය කර එකලස් කරනලද හෝ සොරකම් කර ඇති බවට සැක කරන රථයකට අදාළව කූට ලේඛණ සකසා ලියා පදිංචි කර කර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.
නිවසේ සිටි පුද්ගලයා ගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී මෙම සුඛෝපභෝගී ජීප් රථය මීට වසර දෙකකට පමන ඉහත දී හෝමාගම ප්රදේශයෙන් රුපියල් ලක්ෂ 65 ක මුදලකට මිලදී ගත් බවට ප්රකාශ කර තිබුණා.
මෙම වංචාවට සම්බන්ද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දැනට තහවුරු කරගත් තොරතුරු
මහර මහේස්ත්රාත් අධිකරණයට වාර්තා කරන බව දූෂණ මර්ධන ප්රහාරක බළකාය පැවසුවා.
සුඛෝපභෝගී ජීප් රථය කිරිබත්ගොඩ පොලීසිය වෙත භාරදී තිබෙනවා.