AFC Banner
Empty Ad
Empty Ad

වහළයක් උඩ තිබිය දී මළ සිරුරක් සොයාගෙන

නිවසක වහළයක් මත තිබිය දී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ පානදුර, පින්වත්ත වෙන්දේසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි වාර්තා වුණේ.

පෙරේදා දින රාත්‍රියේ පැවති අධික වර්ෂාවට ඔහුගේ නිවස තෙමීම හේතුවෙන් උළු සකස් කිරීමට මෙම පුද්ගලයා ඊයේ දින වහළයට නැඟ තිබෙනවා.

එහිදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තම පියා පැය කිහිපයක සිට නිවසේ පෙනෙන්න නොමැතිවීම හේතුවෙන් නිවැසියන් සිදුකළ සොයාබැලීමේ දී වහළය උඩ මියගොස් සිටිය දී ඔහුගේ සිරුර සොයාගැනීමට හැකිව තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය පානදුර මූලික රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පින්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?