වසර හතකට අදාළ තොරතුරු තාක්ෂණ විභාගය අද

2019, 2020, 2021 සහ 2022 වර්ෂවල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද (18) දිනයේ දී පැවැත්වෙනවා.

ඒ, අනුව අද (18) උදෑසන 09.00 සිට දහවල් 12.10 දක්වා මෙම විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3269ක දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පාසල්වල අයදුම්කරුවන් සඳහා මෙම වසරේ 12 වැනි ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා තම පාසල් මඟින් අයදුම්පත් යොමු කිරීමට හැකියාව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

1 10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?