වර්තමානයට ගැලපෙන වැඩපිළිවෙළක් සකස් කරන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට උපදෙස්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යම් ආකාරයකින් ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළක් සකස්කරන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම උපදෙස් ලබාදුන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

එසේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තියට ගැලපෙන ලෙස ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිමය රාමුවක් සැකසීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 11 වනදාට පෙර, දින වකවානු සහිත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙසටයි ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේ.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ වසර තුනහමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගැනීම් සිදු කර නොමැති අතර සිවිල් ආරක්ෂක බලකාය ක්ෂයවීමේ හමුදාවක් ලෙස මේ වන විට නම් කර ඇති බවයි.

එසේම සිවිල් ආරක්ෂක බලකාය සතුව මේ වන විට 33687ක් සේවය කරන බව ද පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන් අතර එම පිරිස අනුයුක්ත කර ඇති ස්ථාන සහ සේවාවන් පිළිබඳව ද සඳහන් කර තිබෙනවා.

මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් කමල් ගුණරත්න විසින් මෙම බලකාය පිහිටුවීම පිළිබඳව සහ එහි කටයුතු සිදුවූ ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම සිදු කරනු ලැබුවා.

තවද අවශ්‍යතාව ඉක්මවා සිදු කළ මිලදීගැනීම් පිළිබඳව, මෙම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ව්‍යාපෘති පිළිබඳව සහ මෙම බලකාය විසින් වගාකළ ධාන්‍ය, අස්වැන්න විකිණීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57