AFC Banner
Empty Ad
Empty Ad

වතු සේවක වැටුප් වැඩිකිරීම ජාත්‍යන්තරයේ පැසසුමට

මෙරට වතු සේවක වැටුප් ඉහළ දැමීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අගය කිරීමට ලක් ව තිබෙනවා.

මෙම ඇගයුම හිමි වූයේ මෙරට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර වෙත යි.

ශ්‍රම වෙළෙඳපොළ ප්‍රමිතීන් සහ රැකියා තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා අමාත්‍යාංශයේ වැඩපිළිවෙලත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික කම්කරු සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරට, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සිය ප්‍රශංසාව පුද කළේ.

ඔවුන් දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම මෙහිදී කම්කරු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉමහත් සතුටට හේතුවක් වූ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?