වත්තේගම මාළු ව්‍යාපාරිකයා ඝාතනයට අයෙක් අල්ලයි – දේහය නිවසට ගෙනයද්දී උණුසුම් තත්ත්වයක්

වත්තේගම පොලිස් වසමේ, අටලහගොඩ ප්‍රදේශයේ දී පෙරේදා (04) තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වත්තේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.

අපරාධයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වත්තේගම පොදු වෙළඳපොළේ මාළු ව්‍යාපාරිකයෙකුවන අතර, ඔහුව පෙරේදා රාත්‍රියේ නිවස ඉදිරිපිටදී කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබුණා.

බරපතළ තත්ත්වයේ සිටි ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (05) අලුයම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

.ඔහුගේ දේහය ඊයේ (05) මල් ශාලාවේ සිට වත්තේගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යන අවස්ථාවේ දී අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පිරිසක් විරෝධතාවයක ද නිරත වුණා.

මේ හේතුවෙන් වත්තේගම නගරයේ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00