වත්තේගම මාළු ව්‍යාපාරිකයා ඝාතනයට අයෙක් අල්ලයි – දේහය නිවසට ගෙනයද්දී උණුසුම් තත්ත්වයක්

වත්තේගම පොලිස් වසමේ, අටලහගොඩ ප්‍රදේශයේ දී පෙරේදා (04) තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වත්තේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.

අපරාධයට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වත්තේගම පොදු වෙළඳපොළේ මාළු ව්‍යාපාරිකයෙකුවන අතර, ඔහුව පෙරේදා රාත්‍රියේ නිවස ඉදිරිපිටදී කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබුණා.

බරපතළ තත්ත්වයේ සිටි ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (05) අලුයම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

.ඔහුගේ දේහය ඊයේ (05) මල් ශාලාවේ සිට වත්තේගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යන අවස්ථාවේ දී අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පිරිසක් විරෝධතාවයක ද නිරත වුණා.

මේ හේතුවෙන් වත්තේගම නගරයේ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14