AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයේ ජිවත් වෙන්න සුදුසුම රටක පාසලක වෙඩි තැබීමක් (ඡායාරූප)

ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් අවුරුදු 12ක් වයසැති සිසුවෙකු මියගොස් තවත් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (02) උදෑසන සිදුවූ මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ, 12 හැවිරිදි සිසුවෙකු බවයි.

වෙඩි තැබීමෙන් පසු එම සිසුවා පාසලෙන් පලා ගොස් ඇති අතර, පොලිස් නිලධාරීන් පාසලට නුදුරින් ගංගාවක් අසලදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩිතැබීමෙන් 12 හැවිරිදි සිසුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගොස් ඇත්තේ ඉන් එක් අයෙකි.

වෙඩි තැබීමත් සමඟ පාසලේ මහා කලබලයක් හටගත් බවත් සිද්ධිය සැලවීමෙන් කම්පනයට පත් දරුවන්ගේ මාපියන් පාසලට එක්රොක් වූ බවත් ෆින්ලන්ත මාධ්‍ය වාර්තා කර සිටියා.

වෙඩි තැබීම සිදුවූයේ වියෙර්ටෝලා පාසලේය.

වෙඩි තැබීම සිදුවෙද්දී පාසලේ සිසුන් 800 දෙනකු සහ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 90 දෙනකු සිටි බව ද වාර්තා වනවා.

WhatsApp Image 2024 04 02 at 4.49.50 PM 2
WhatsApp Image 2024 04 02 at 4.50.23 PM 2
WhatsApp Image 2024 04 02 at 4.50.37 PM 2
WhatsApp Image 2024 04 02 at 4.51.21 PM 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?