ලොව ජීවන වියදම අධිකම නගරය මෙන්න

වේගයෙන් ඉහළ යන උද්ධමනය හා සැපයුම් දාමවල ගැටලු නිසා ලොව පුරා බඩුමිල ඉහළ යන මෙසමයේ, ලෝකයෙන්ම ජීවත්වීමට වඩාත්ම අධික මුදලක් වැය වෙන නගරය ලෙස ඊශ්‍රායලයේ ටෙල් අවිව් නම්කර තිබෙනවා.

ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (EIU) නම් පර්යේෂණ ආයතනයෙන් සිදුකර ලද සමීක්ෂණයකට අනුව, ගිය වසරේ ‘මිල අධික නගර’ ලැයිස්තුවේ පස්වන ස්ථානයේ සිටි ටෙල් අවිව් මේ වන විට මෙතෙක් පළමු ස්ථානයේ සිටි පැරීසිය සිංගප්පූරුව සමග සමදෙවැනි ස්ථානයට තල්ලුකර දමා ප්‍රථම ස්ථානයට පැමිණ ඇත. 

එය ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ පළමු වරට යි. 

යුද්ධයෙන් විනාශ වූ සිරියාවේ දමස්කස් නගරය ලෝකයේ ජීවත්වීමට ‘ලාබම නගරය’ යන ස්ථානයේ තවමත් රැඳී සිටියි. 

සමීක්ෂණය මඟින් නගර 173ක භාණ්ඩ හා සේවා සඳහා වන පිරිවැය ඇමෙරිකානු ඩොලර්වලින් සංසන්දනයකර ඇත. 

EIU ප්‍රකාශ කරන පරිදි, එම නගරයේ සාමාන්‍ය බඩු මිල ගණන් එහි මුදලට සාපේක්ෂව 3.5%කින් ඉහළ ගොස් ඇති අතර අගෝස්තුවේ සහ සැප්තැම්බරයේ ඔවුන් රැස්කළ දත්තවලින් පෙන්නුම්කර තිබේ – පසුගිය පස් වසර තුළ එරටින් වාර්තා වූ වේගවත්ම උද්ධමන අගය එය යි. 

සමීක්ෂණයට භාජනය වූ නගරවලින් විශාලතම මිළ වැඩිවීම නිරීක්ෂණය වී ඇත්තේ ප්‍රවාහනය සම්බන්ධයෙනි. 

පෙට්‍රල් ලීටරයක මිල 21%ක සාමාන්‍යයකින් ඉහළ යෑම මිට හේතුවී තිබේ. 

ටෙල් අවිව් EIUහි ලෝක ජීවන වියදම් ශ්‍රේණිගතකිරීම්වල ඉහළට නැගීමෙන් ප්‍රධාන වශයෙන් පිළිබිඹු වන්නේ, ඩොලරයට සාපේක්ෂව ඊශ්‍රායලයේ මුදල් ඒකකය වන ෂෙකල්හි වටිනාකම ඉහළ යනබව යි. 

විශේෂයෙන්ම සිල්ලර බඩු ද ඇතුළුව, එරට වෙළඳපොළේ භාණ්ඩවලින් 10%ක පමණ ප්‍රමාණයක මිළ ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. 

ටෙල් අවිව් මධ්‍යසාර සහ ප්‍රවාහනය සඳහා දෙවැනියට මිළ අධිකම නගරයබව ද, පුද්ගලික සනීපාරක්ෂක අයිතම සඳහා පස්වැනියටත්, විනෝදාස්වාදය සඳහා සයවැනියටත් මිළ අධිකම නගරයබව ද සමීක්ෂණයෙන් හෙළිවිය. 

බී.බී.සී සිංහල  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?