ලොව ජීවන වියදම අධිකම නගරය මෙන්න

වේගයෙන් ඉහළ යන උද්ධමනය හා සැපයුම් දාමවල ගැටලු නිසා ලොව පුරා බඩුමිල ඉහළ යන මෙසමයේ, ලෝකයෙන්ම ජීවත්වීමට වඩාත්ම අධික මුදලක් වැය වෙන නගරය ලෙස ඊශ්‍රායලයේ ටෙල් අවිව් නම්කර තිබෙනවා.

ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (EIU) නම් පර්යේෂණ ආයතනයෙන් සිදුකර ලද සමීක්ෂණයකට අනුව, ගිය වසරේ ‘මිල අධික නගර’ ලැයිස්තුවේ පස්වන ස්ථානයේ සිටි ටෙල් අවිව් මේ වන විට මෙතෙක් පළමු ස්ථානයේ සිටි පැරීසිය සිංගප්පූරුව සමග සමදෙවැනි ස්ථානයට තල්ලුකර දමා ප්‍රථම ස්ථානයට පැමිණ ඇත. 

එය ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ පළමු වරට යි. 

යුද්ධයෙන් විනාශ වූ සිරියාවේ දමස්කස් නගරය ලෝකයේ ජීවත්වීමට ‘ලාබම නගරය’ යන ස්ථානයේ තවමත් රැඳී සිටියි. 

සමීක්ෂණය මඟින් නගර 173ක භාණ්ඩ හා සේවා සඳහා වන පිරිවැය ඇමෙරිකානු ඩොලර්වලින් සංසන්දනයකර ඇත. 

EIU ප්‍රකාශ කරන පරිදි, එම නගරයේ සාමාන්‍ය බඩු මිල ගණන් එහි මුදලට සාපේක්ෂව 3.5%කින් ඉහළ ගොස් ඇති අතර අගෝස්තුවේ සහ සැප්තැම්බරයේ ඔවුන් රැස්කළ දත්තවලින් පෙන්නුම්කර තිබේ – පසුගිය පස් වසර තුළ එරටින් වාර්තා වූ වේගවත්ම උද්ධමන අගය එය යි. 

සමීක්ෂණයට භාජනය වූ නගරවලින් විශාලතම මිළ වැඩිවීම නිරීක්ෂණය වී ඇත්තේ ප්‍රවාහනය සම්බන්ධයෙනි. 

පෙට්‍රල් ලීටරයක මිල 21%ක සාමාන්‍යයකින් ඉහළ යෑම මිට හේතුවී තිබේ. 

ටෙල් අවිව් EIUහි ලෝක ජීවන වියදම් ශ්‍රේණිගතකිරීම්වල ඉහළට නැගීමෙන් ප්‍රධාන වශයෙන් පිළිබිඹු වන්නේ, ඩොලරයට සාපේක්ෂව ඊශ්‍රායලයේ මුදල් ඒකකය වන ෂෙකල්හි වටිනාකම ඉහළ යනබව යි. 

විශේෂයෙන්ම සිල්ලර බඩු ද ඇතුළුව, එරට වෙළඳපොළේ භාණ්ඩවලින් 10%ක පමණ ප්‍රමාණයක මිළ ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. 

ටෙල් අවිව් මධ්‍යසාර සහ ප්‍රවාහනය සඳහා දෙවැනියට මිළ අධිකම නගරයබව ද, පුද්ගලික සනීපාරක්ෂක අයිතම සඳහා පස්වැනියටත්, විනෝදාස්වාදය සඳහා සයවැනියටත් මිළ අධිකම නගරයබව ද සමීක්ෂණයෙන් හෙළිවිය. 

බී.බී.සී සිංහල  



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14