ලීසිං සීමාවේ වෙනසත් සමඟ වාහන ආනයනය පාලනය වේවි – මහාචාර්ය වසන්ත අතුකෝරාල

වාහනවල ලීසිං සීමාව වෙනස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය; වක්‍රාකාරව රටේ මූල්‍ය පද්ධතිය පාලනය කිරීම සඳහා ඝවිත කළ උපක්‍රමයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසනවා.

මහාචාර්යවරයා පවසන්නේ මෙය රටේ මූල්‍ය පද්ධතිය පාලනයට මහ බැංකුව ගත් ඉතා හොඳ ක්‍රමවේදයක් බවයි.

මෙම ක්‍රමවේදය තුළ ඉදිරියේ දී වාහන ආනයනය යම් ආකාරයකට පාලනය වීමක් සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට පොළී අනුපාතය ඉතා අඩු මට්ටමක පවතින බවත්, ඒ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් බැංකු මඟින් ණයට මුදල් ලබාගෙන වාහන ආනයනය සඳහා පෙළඹෙන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරාල සඳහන් කර සිටියා.

මහ බැංකුව විසින් වාහනවල ලීසිං සීමාව අඩු කිරීමට ගත් තීරණය මඟින් තවදුරටත් මෙම තත්ත්වය පාලනය නොවුන හොත් වාහන සඳහා බැංකු සහ මුල්‍ය ආයතම මඟින් ලබාදෙන ලීසිං සීමාව තව දුරටත් පහළ දැමිය දැමිය යුතු බවත් ඔහු පැවසුවා.

එමෙන්ම මහාචාර්යා සඳහන් කළේ පහළ පොළී අනුපාතිකයක් පවතින අවස්ථාවක ලීසිං සීමාව තව දුරටත් අඩු කිරීමට කටයුතු කළ හොත් රටේ මූල්‍ය පද්ධතිය පාලනය කිරීමේ හැකියාව තවදුරටත් පහසුවනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00