ලිංගික අතවරයක් ගැන ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණිල්ලක්

සංචාරයකට පැමිණ සිටිය දී හික්කඩුව ප්‍රදේශයේ සම්භාහන ආයතනක සේවකයෙකු විසින් තමාගේ 22 හැවිරිදි දියණියට බරපතල ලිංගික අතවරයක් කර ඇති බවට එම තරුණියගේ පියා විසින් ශ්‍රී ලංකාවේ සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ඇමරිකාවේ සිට ඊමේල් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල අනුව අතවරයට පත් තරුණිය තම දෙමව්පියන් සමග පසුගිය දෙසැම්බර් මාසයේ සංචාරයක් සමග ලංකාවට පැමිණ හික්කඩුවේ හෝටයක නතරව සිටි ඇති අතර දෙසැම්බර් 26 වන දින ඇය තම මව සමග හික්කඩුවේ සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇති බවයි දැක්වෙන්නේ.

එහිදි ඇය සම්භාහනය කල පුද්ගලයා විසින් ඇයට බරපතල ලිංගික අතවරයක් සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්.

නැවත ඇමරිකාවට පැමිණි අවස්ථාවේ සම්භාහන මධ්‍යස්ථානයේදි තමාට ලිංගික අතවර කල බවට දියණිය පැවසු බවත් ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් ඇයගේ පියා විසින් ඊ මේල් මගින් දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත් වීම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශයට යි උපදෙස් ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23