spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිංගික අතවරයක් ගැන ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණිල්ලක්

සංචාරයකට පැමිණ සිටිය දී හික්කඩුව ප්‍රදේශයේ සම්භාහන ආයතනක සේවකයෙකු විසින් තමාගේ 22 හැවිරිදි දියණියට බරපතල ලිංගික අතවරයක් කර ඇති බවට එම තරුණියගේ පියා විසින් ශ්‍රී ලංකාවේ සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ඇමරිකාවේ සිට ඊමේල් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල අනුව අතවරයට පත් තරුණිය තම දෙමව්පියන් සමග පසුගිය දෙසැම්බර් මාසයේ සංචාරයක් සමග ලංකාවට පැමිණ හික්කඩුවේ හෝටයක නතරව සිටි ඇති අතර දෙසැම්බර් 26 වන දින ඇය තම මව සමග හික්කඩුවේ සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇති බවයි දැක්වෙන්නේ.

එහිදි ඇය සම්භාහනය කල පුද්ගලයා විසින් ඇයට බරපතල ලිංගික අතවරයක් සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්.

නැවත ඇමරිකාවට පැමිණි අවස්ථාවේ සම්භාහන මධ්‍යස්ථානයේදි තමාට ලිංගික අතවර කල බවට දියණිය පැවසු බවත් ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් ඇයගේ පියා විසින් ඊ මේල් මගින් දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත් වීම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශයට යි උපදෙස් ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?