AFC Banner
Empty Ad
Empty Ad

ලැජ්ජාවෙන් බේරෙන්නට පාකිස්තානයට තවත් අවස්ථාවක්

T20 ලෝක කුසලානයේ 22 වැනි තරගය අද (11) පැවැත්වෙනවා.

ඒ කැනඩාව සහ පාකිස්තානය අතර යි.

මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ වනවා.

ඒ අමෙරිකාවේ නිව් යෝර්ක් හි දී යි.

තමන් මුහුණ දුන් තරග දෙකෙන් ම අමිහිරි පරාජයක් වැළඳගෙන සිටින පාකිස්තාන කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ යම්තාක් දුරකට හෝ හිත සනසාගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්යය වනවා.

ලෝක කුසලානයේ අමෙරිකාවට එරෙහිව මුහුණ දුන් පළමු තරගය ද සුපිරි පන්දු වාරයක් හමුවේ පාකිස්තානය පරාජයට පත් වූ අතර, දෙවැනි තරගය අසල්වාසී ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා.

අද තරගයේ ප්‍රතිවාදී කණ්ඩායම වන කැනඩාව අමෙරිකාවට එරෙහිව මුහුණදුන් පළමු තරගයෙන් පරාජයට පත් වුව ද දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේ අයර්ලන්තයට එරෙහිවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?