ලාංකිකයින් ගැන සමීක්ෂණයකින් හෙළි වූ දේ

රට හැර යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව පසුගිය වසර 5ට සාපේක්ෂව වැඩි වී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

විශේෂයින් තරුණයින් සහ රජය පිළිබඳ අතෘප්තිමත් ඡන්දදායකයින් එලෙස සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පිරිස අතර වැඩි සංඛ්‍යාවක් සිටින බව The Sri Lanka Opinion Tracker Survey (SLOTS) නමැති එම සමීක්ෂණය පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ස්වාධීන සෞඛ්‍ය සහ සමාජ ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

SLOTS දත්ත පෙන්වා දෙන පරිදි ශ්‍රී ලාංකිකයින්ගෙන් 27% දෙනෙකු ඔවුන්ට අවස්ථාවක් ඇත්නම් වෙනත් රටකට සංක්‍රමණය වීමට කැමැත්ත පළ කර ඇති අතර එම පිරිස අතර තරුණ සහ උගත් පිරිස වැඩි සංඛ්‍යාවක් සිටියි.

විදේශගත වීමට කැමති පිරිස අතර 4 දෙනෙකුගෙන් 1 අයෙකුට ඒ සඳහා සැලසුම් ඇති අතර ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකුගෙන් 1 අයෙකුට ඒ සඳහා සැලසුම් ඇති බව ද එම සමීක්ෂණය මගින් අනාවරණය වී ඇත.

තරුණයින් වැඩි පිරිසක් රට හැර යාමට උත්සහ දරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය තහවුරු කරන බව ත් එය රජය කෙරෙහි ඡන්ද දායකයින්ගේ ඇති කලකිරීම හේතුවෙන් සිදු වන බව ත් SLOTS සිය සමීක්ෂණය මගින් සනාථ කර තිබේ.

මෙම අතෘප්තිමත්භාවයට තවත් හේතු ලෙස ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව ඇති අශුභවාදී දැක්ම සහ ”කොරෝනාවෛරසය සමග ජීවත් වීම” වෙනුවට එය වඩාත් ශක්තිමත්ව පාලනය නොකිරීම පිළිබඳව ඇති අතෘප්තිමත්භාවය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28